Skip to main content

Posts

Showing posts from March, 2018

විශ්වාස භංගය රනිල් විශ්‍රාම යවයිද ?

අගමැතිවරයාට එරෙහි අප්‍රියෙල් 4 වනදා  පාර්ලිමේන්තුවට ගෙනෙන විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරාවිද නැතහොත් පරදිවිද යන්න ගැන අනුමාන කිරීමට නම්      2015  මහමැතිවරණයේ ප්‍රතිඵල සහ ඉන්පසු ඇතිවූ දේශපාලන හැලහැප්පිලි ගැන විමසීමක් කර බැලිය යුතුය . ඉකුත් මහා මැතිවරණයේ ප්‍රතිඵල යලි මතකයට ගමු . එක්සත් ජාතික පෙරමුණ                    106 එක්සත් ජනතා නිදහස් සන්ධානය        95 දෙමල ජාතික සන්ධානය                     16 ජනතා විමුක්ති පෙරමුණ                       6 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය                   1 ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය       1 අප්‍රියෙල් 4 දිනට නියමිත චන්ද විමසීමේදී ඒ.ජා.පෙ.මන්ත්‍රීවරු 106 න් 102  දෙනෙකු  විශ්වාස භංගය පරාජය කිරීමට චන්දය දෙනු ඇතැයි අපේක්ෂා කළහැකිය. කතානායක වරයාගේ  චන්දය  පාවිච්චි කරනු ඇත්තේ දෙපැත්තම සම වුවහොත්ය  රතන  හිමියන්  රනිල්ට විරුද්ධව චන්දය දෙන බව දැනටමත්  කියා  තිබේ.  විජේදාස  රාජපක්ෂ මහතා අධිකරණ ඇමති කමින් පැන්නීමට එජාප  මන්ත්‍රීවරු  කටයුතු  කළ බැවින් ඔවුන්ට පාඩමක්  ඉගැන්වීමේ අපේක්ෂාවෙන්   වි

ගෞතම් සහ වීරවංශ හෙළුවෙන් ඇවිදීම

        ගිය සිකුරාදා ගෞතම්   බුද්ධ  නගරයේ  වැසියෙකු වන සුනිල් ගෞතම් සිය  භාර්යාව සහ  ඥාතින්  පොලිසිය  ඉදිරිපිටදී රෙදි ගලවා  දැමු බව  India Today පුවත් පත  වාර්තා  කර තිබුණි . ඔවුන් රෙදි ගලවා  තිබෙන්නේ  පොලිසිය  ඔවුන්ගේ  පැමිණිල්ල  ලියා  ගැනීම  ප්‍රතික්ෂේප  කිරීම නිසාය . සුනිල් ගෞතම්  ජීවත්වෙන්නේ  ඉන්දියාවේ  උත්තර  ප්‍රදේශයේ ගෞතම්  බුද්ධ  නගරයේය . ඔහුගේ  අසල්වැසියා මහවිර්ය . දෙදෙනා  අතර  ඉඩම් ආරවුලක් කලක සිට  පවතින අතර  මහාවීර්  තම  නිවසට  කඩා වැදී  පහර දී  තමන්ගේ නිවසේ  තිබු  භාණ්ඩ ද  මංකොල්ල  කන  ලද  බව  පැමිණිලි  කරන්නට  ගිය  නමුත් පොලිසිය එම  පැමිණිල්ල  භාරගත්තේ  නැත .  ඔහු සිය  බිරිදත්  තවත් ඥාති  කාන්තවක්   සහ  පිරිමියෙක්  සමග  පොලිසියට විරෝධය දැක්වීමට  පොලිසිය ඉදිරිපිටදී  ඇඳුම්  ගලවා  හෙලුවැල්ලෙන් සිටියහ .   මෙහි  තවත්  කතාවක්  තිබේ, මෙම  සිද්ධිය  යොදාගනිමින්  ආගමික  අන්තවාදියෙක්   බොරු  ප්‍රවුර්තියක් (fake news )  නිර්මාණය  කොට  මුහුණු පොතේ  පළකිරීමය  .එම  ප්‍රවුර්තියට  යොදාගනු ලැබුවේ  නිරුවත් පිරිසෙන් දෙදෙනෙකු පමණක්  සිටින  සේ  චායරුපයක් සකස්  කොට උත්තර්

රට ගිනි තිබ්බේ ෆේස් බුකියද නැත්තම් ?

      ෆෙස්බුකිය  තවමත් ( අද 2018  මාර්තු 13 ) වහපු  ගමන්ය. මහනුවර , අම්පාර ආදී තැන්  ගිනි ගත්තේ  ෆේස් බුකිය නිසා  බව ආණ්ඩුව  පමණක් නොව තවත් අයද පසුගිය දිනවල  කිහ .තවමත්  කියති.   ඇත්තටම  රට ගිනි තිබ්බේ  ෆේස් බුකියිද ? නැතහොත් දේශපාලකයෝද ? නැතහොත් පන්සලද? නැතහොත්  මුස්ලිම් පල්ලියද? ෆේස්බුකිය යොදාගෙන  අමනුස්සයෝ  අනෙත්  ජනවර්ග වලට එරෙහිව මිනිසුන්   උසි   ගැන්වූ බව ඇත්තය. එහෙත් අමනුස්සයන්ගේ  ඔලුවල ජාතිවාදය ඉබේ පහල වුවේ  නැත .    කලි කාලයක් තිස්සේ  අන්  ජනවර්ගයන්ට එරෙහිව   අදහස්  ප්‍රචාරය  කිරීම නිසා  යහපත්  මිනිසුන් අමනුස්සයන් බවට  පත්වූ අතර ඔවුහු  කළේ එම අදහස් අන්  අය  අතරට  යැවීම සඳහා ෆේස් බුකිය  යොදා ගැනීමය . ජනවර්ගයකට එරෙහිව තවත්  ජනවර්ගයක් උසිගැන්වීම   ඉතා  තියුණු වුයේ  1948 න් පසුවය . එයට  පෙර  ජනවර්ග  ගැටුමක් ඇතිවූ එකම අවස්ථාව 1915 සිංහල -මුස්ලිම්  කෝලාහලය . ඒ  හැර අතීතයේදී  ලංකාවේ  මිනිසුන් ජනවර්ග  ලෙස  බෙදී  මරා  ගැනීමක් සිදුවී  නැත .   එංගලන්තයේ සුද්දෝ  අපේ රටේ  අයට මේ  පුංචි රට   භාර දී  ගිය  පසු   අපි අපේ රටේ  වෙනත් ජනවර්ග  සමග   ගැටුණු අවස්ථා බොහෝය .19

සිරිසේනගේ කෝකටත් තෛලය

     මහනුවර අමනුස්ස ක්‍රියා   ගැන හොයන්නට ජනධිපති විමර්ශන  කමිටුවක්  පත් කරන්ට තීරණය කළ  බව ජනාධිපති  මාධ්‍ය ඒකකය කියා  තිබේ. කමිටු යනු කෝකටත්  තෛලය  ලෙස  ප්‍රසිද්ධය . කමිටු වාර්තාව  ජනාධිපති වරයාට  භාර දීමට පෙර තවත් තැනක  දෙමළුන්ට  හෝ මුස්ලිම් මිනිසුන්ට  පහර දීමක් සිදුවීමට   ඉඩ  නැත්තේ  නොවේ. කමිටු වාර්තාව  පැමිණි පසුද එවැන්නක් යලි සිදුවීම වැලක්වීමට ආණ්ඩුව  පියවර  ගනු ඇතැයි සැක සහිතය .එයට හේතුව1948  සිට  පැවතී සියලු ආණ්ඩු මෙන්ම මේ ආණ්ඩුවද ජාතිවාදී  කලකෝලාහල ඉදිරියේ බොක්ක  රත්වෙන නිසාය. දණහිස්  වෙවුලන නිසාය . සුද්දන්  රට  පාලනය  කරද්දී  1915  සිංහල මුස්ලිම්  කලකෝලාහල ඇතිවූ වූ විට  යලිත් එවැනි කෝලාහලයක්  කරන්නට තියා හිතන්නටවත් බය  හිතෙන  කල්කදුරු සේ  තිත්ත  බෙහෙතක්   සුද්දා මංකොල්ල කාරයන්ට   දුන්නේය  .සු ද්දගේ බෙහෙතේ ආනුභාවය  1956 දක්වාම  පැවතියේය . ආණ්ඩුව  කළ  යුත්තේ කමිටු පත් කොට වාර්තාව  එන තුරු  උඩ බලාගෙන  සිටීම නොවේ.  සුද්දා දුන් බෙහෙත මෙන් උගුරේ  සිට  අධෝමාර්ගය දක්වා  දක්වා  පිච්චි යන බෙහෙතක් දීමය .  බෙහෙත  මෙසේය.    මහනුවර ජාතිව

මහනුවරින් ඇරඹුණු 1915 කෝලාහලයට 2018 දී යලි මහනුවරදී පණදීම

         චුන්  පාන්  රැගෙන එන ත්‍රීවීලරය    අද  උදැසන  මට මගහැරුණේය .හේතුව මා  නැගිටින්නට  පෙර එය  ඇවිත්  ගිය නිසාය . ඒ නිසා පෘතුගීසි කාරයන්  ලංකාවට  හඳුන්වා දීමෙන්  පසු  ලංකාවේ ස්ථිර සාර ලෙස  පැලපදියම්වූ   පාන්  ගෙඩියක්   හොයන්නට රුපියල් 100  ක හමාරක පෙට්‍රල් වියදම් කරගෙන ටවුමට යාමට සිදුවිය .පාන් කඩේ පාන් නැත. ඉන්පසු මා  ගියේ තම්බි නිෂ්පාදනයක් වන  පරාට  හොයාගෙනය . පරාට  කඩේ සිංහලයෙකුගේ වුවත්   පරාට  හදන්නේ මුස්ලිම්  හාදයෙකි . ඔහු   ගජරාමෙට  පරාට  හදමින් සිටිනු දැකීම හිතට සැනසිල්ලක් දුන්නේය . ඒ  බඩගින්න  නිවාගත  හැකි නිසා නොවේ .ඌ සනීපෙන් සිටින නිසාය  .පරාටේ  කන්නට ගමේ  කොල්ලන්  කීපදෙනෙකුද ඇවිත්  සිටියෝය . පරාටේ  හදන  හාදයද  බියෙන් සැකයකින් තොරව  රාජකාරියේ යෙදෙමින් සිටියේ අපේ  ගමේ  කොල්ලන්  ජාති ආලය නැමති  කුඩු  ගහන එවුන් නොවන  නිසාය . අපේ ගමට අල්ලපු ගම වෙයන්ගල්ලය .එය  අහලපහල තිබෙන එකම මුස්ලිම් ගම්මානයයි.  දෙදහසකට ආසන්න  ජනගහනයක් එහි සිටි . කුඩලිගම, ගිරිකොල ,මහගම  පිඹුර  යන සිංහල  ගම්මානවලින් වටවී  තිබෙන වෙයන්ගල්ලේ මුස්ලිම් මිනිසුන්ට ගහන්නට , මංකොල්ල  කන්නට තරම්  මන

ඥානසාරලාට බය ආණ්ඩුව

         මේ  ආණ්ඩුව  ගැන අප සිටින්නේ  කේන්තියෙනි .ජනවාරි 8 ට  පෙර   මේ ආණ්ඩුවේ  ලොක්කෝ දෙසා  බෑ බේගල්  විශ්වාස කොට . අපි චන්දය දුන්නෙමු . එහෙත් අවුරුදු දෙක හමාරක්  ගත වීත්  වදා තිබෙන්නේ  කෙන්දක් පමණය . ජනවාරි 8 ට  පෙර  නම් ඔවුහු අපට කිවේ පිදුරුතලාගල  කන්දටත් වඩා  ලොකු කන්දක් වදන  බවය    දෙවෙනි දර්ගා ටවුමක්  අපි බලාපොරොත්තු උනේ  නැත.  එහෙත් ජනවාරි 8 න් පසු දර්ගා ටවුම  ,ගින්තොටට , අම්පාරට , සහ තෙල්දෙණියට ගියේය . තෙල්දෙණියෙන් එය අවට  ගම්මානවලට  පැතිර  ගියේය . එය හෙට තවත් තැනකට බොහෝ විට  යනු ඇතැයි අනුමාන කරන්නට දැන් අපිට සිදුවී  තිබේ   එසේ වෙන්නේ ඇයි?  එසේ වන්නේ මේ ආණ්ඩුව  බියගුලු  ආණ්ඩුවක් නිසාය. ආණ්ඩුව  ලෝක ප්‍රජාවටත් බයය . එක්සත් ජාතීන්ගේ මානව  හිම්කම් සභාවටත්  බයය . අපරාධ  කළ හිටපු හමුදා  නිලධාරීන්ටත්  බයය . ඥානසාරට  නිකායටත්  බයය  .  අද  කෙරුම්කාරයෝ වී තිබෙන්නේ ඥානසාරලාය .අම්පිටියෙ සුමනේලාය . බෙන්ගමුවේ නාලකලාය , ඉත්තැකන්දෙලාය. තෙල්දෙණිය  ගිනි තිබ්බේ  ඥානසාර , අම්පිටියේ සුමන  තම සහපිරිවෙර සමග තෙල්දෙණියට ගිය  පසුවය .  ගින්තොට සිද්ධියෙන්  පසු එවැන්නක් ස