Skip to main content

ශ්‍රී ලංකා - යුඑන්පි හුටස්පරයේ කෙළවර කුමක්ද?



Image result for Ranil in temple Trees
     

 


                   මහින්ද  රාජපක්ෂ  මහතා  මේ  මොහොතේ  බොර  දියේ  මාළු  අල්ලන්නට  උපරිම  උත්සාහය දරමින් සිටි. නිමල් සිරිපාල  මහතා අගමැති  කිරීමට දරන උත්සාහයට  ඔහු පෝර දමමින් සිටින්නේ  ඒ  නිසාය . සිරිපාල අගමැති වුවහොත්  ඉන්පසු  වැඩි කල් නොගොස්  මහා   මැතිවරණයකින්  ආණ්ඩුව  තමන් අතට  ගැනීම  ඔහුගේ සැලැස්ම  බවට  කිසිදු සැකයක් නැත.


ඒකාබද්ධ විපක්ෂයේ අය  සිරිපාල යටතේ ඇමති කම්  ගන්නට සුදානම්  නැත්තේ  නිකම් නොවේ. ඇමතිකම් අරගෙන වැඩි කලක් යාමට  පෙර  ඔවුන්ද  මහජන  අප්‍රසාදයට  ලක්වන  බව  ඔවුන් දන්නා නිසාය . ඔවුන් ඇමති  කම් රැගෙන  රට  කරන්නට  සිදුවෙන්නෙත්  එක්සත් ජාතික  පක්ෂය  රට  කරවපු ආකාරයටමය .ගත් ණය ගෙවන්නට තිබුණු සබ්බ  සකලමනාවම  දී  ඇති බැවින්  ආණ්ඩුවේ  භාණ්ඩාගාරය  පතුලටම  හිඳී  තිබේ . එබැවින්  එදිනෙදා  වියදම් හොයා  ගැන්ම සඳහා  තෙල් මිල  පවා  වැඩි කරන්නට  ඔවුන්ට සිදුවීමට  ඉඩ  තිබෙන  බව ඒකාබද්ධ විපක්ෂයේ අය දනිති. . එසේ වුවහොත්  පොහොට්ටුවට  ලැබුණු   45% ,   ඊ ළඟ   මහා  මැතිවරණය  එන විට  සියයට  හතලිහ  දක්වා හෝ ඊටත් වඩා  අඩුවෙන්නට  ඉඩ  තිබෙන  බව රාජපක්ෂලා දනිති.රාජපක්ෂලාගේ  ඉලක්කය  පොල්ල රැකගෙන    නයා  මරන්නටය .







මෛත්‍රිපාල   සිරිසේන මහතා රාජපක්ෂලාගේ සටකපට  කම්  වටහා  ගැනීමට  නොහැකි මෝඩයෙක් නොවේ. නිමල් සිරිපාලට සහයෝගය දෙන්නේ  නම් ඒකාබද්ධ  විපක්ෂය ඇමති කම්  භාරගත යුතු බව  ඔහු  ඒකාබද්ධ විපක්ෂයේ  නායකයන්ට  කිවේ  ඒ  නිසාය .ඒකාබද්ධ විපක්ෂය ඇමතිකම්  භාරගැනීමට සුදානම් නැත්තම් නිමල් සිරිපාල අගමැති කරන්නට  ජනාධිපතිවරයා  සහය දෙන්නට සුදානම් නොමැති බව  පෙනේ. .



Image result for nimal siripala de silva

ජනාධිපතිවරයා  ප්‍රමුඛ ශ්‍රීලනිපය දැන් පත්ව ඇත්තේ  බරපතල අමාරුවකය .  හිටි හැටියේම ශ්‍රීලනිපය දැවැන්ත  ප්‍රපාතයකට  කඩ වැටීම  නිසා  පක්ෂය  ගොඩ ගැනීමට දහ  අතේ නොව සිය අතේ   කල්පනා  කරන්නට  ඔහුට  සිදුවී  තිබේ. ශ්‍රී ලංකා  නිදහස්  පක්ෂයේ ගමනක් අවසානය  ඔහුගේ පාලන කාලයේ අවසානයත්  සමග සිදුවීම වැලැක්වීම  ඔහු මත වැටී  තිබෙන  බරපතලම අභියෝගයයි .  එය නවත්වාගැනීමට  නම්  මී  ළඟ ජනාධිපතිවරණයේදීද  ඔහු ජයගත  යුතු වෙයි. එබැවින්  මෛත්‍රිපාල  මහතා  ඒ අරමුණෙන් සිය උපාය  උපක්‍රම සකසා  ගන්නවාට සැකයක් නැත .



Image result for SLFP head office



රනිල් වික්‍රමසිංහ  මහතා  මිනිසුන් දිනාගැනීමට දක්ෂයෙකු නොවුනත් බලය  තමන් අත  රඳවා  ගැනීමට දක්ෂයෙකි . විපක්ෂයේ සිටියදී එක්සත් ජාතික  පක්ෂයේ  නායකත්වයෙන් ඔහු  පන්නා  දමන්නට සජිත්  ප්‍රමුඛ  කණ්ඩායමක් කුමන දහම් ගැට  ගැසුවත්  පුළුවන් වුයේ   නැත . ඔහු අගමැති කමින් එලවා දමන්නට  කවුරු කුමන සුත්තර සහ  කුමන්ත්‍රණ  කළත් ඔහු අගමැති පුටුව අත්නොහරින්නට අධිෂ්ටාන  කරගෙන සිටි.

ජාතික ආණ්ඩුවෙන් එක පක්ෂයක් ඉවත්වූ  කළ  ඇමතිමන්ඩලය විසුරුණු බැවින්  අගමැතිවරයා  තව දුරටත් බලයේ සිටිය  නොහැකි බව  ගමන්පිල මහතා  තර්කයක් ඉදිරිපත්  කළත් එවැන්නක් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ  නැත . නීතිඥයෙකු වන   රනිල් වික්‍රමසිංහ  මහතා එය  හොඳින් වටහා  ගෙන  තිබේ. එවැනි පසු බිමක් යටතේ අගමැතිවරයා අස්  කරන්නට  ජනාධිපතිවරයාට  බලයක් නොමැත .


රනිල් අගමැති පුටුවෙන් තල්ලු කරන්නට  හැකි එකම ක්‍රමය  අගමැති වරයාට විරුද්ධව පාර්ලිමේන්තුවට  ගෙන එන විශ්වාස  භංග  යෝජනාවක් වැඩි චන්දයෙන් සම්මත  කිරීමෙනි. එවැනි හැකියාවක් තිබේනම් හෙට අනිද්දාම  ඔහුට එරෙහිව  විශ්වාස  භංග යෝජනවක් ගෙන ඒමට  ඒකාබද්ධ විපක්ෂය  කටයුතු කරනු නිසැකය.


රනිල් අරලියගහ  මන්දිරයෙන්  පිටව  යාමට සුදානම් නැත්තේ  විශ්වාස  භංග  යෝජනාවකින් ඔහුට  ජයගන්නට හැකි බවට විශ්වාසයක් ඔහුට  තිබෙන  නිසා විය  හැක   රනිල් ගෙදර  යැවීමට  නම් රනිල් විරෝධී  මන්ත්‍රීවරුන් 18 දෙනෙකුගේ සහය විපක්ෂය  ලබා  ගත  යුතුය . 


එය පහසු දෙයක් නොවේ.





Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා