Skip to main content

Posts

Showing posts from February, 2018

සිංහල බවුද්ධයන්ට වඳ පෙති බෙදන මධ්‍යස්තාන මෙන්න

                       අම්පාරේ  හෙවත් අං  පාරේ  වඳ  පෙති  ගැන  මා  ලියන්නට  යන්නේ  නැත. ඒ ගැන බුකි  සාමාජිකයෝ කිලෝමීටර්  ගණනක් දිගට  ලියා  තිබේ .එය මුස්ලිම් විරෝධී  අං ඇත්තන්  විසින්  දියත්  කරන  ලද අවලම් ලෙල්ලමක්   බව  බුකි සාමාජිකයන්  99%ක්  ලියා තිබීම  ඇඬේන තරමට සතුටකි. සදා  කාලික  ලෙස වඳ කිරීම සඳහා තවමත් වඳ  බෙහෙතක් නිපදවා නැති බව වෛද්‍ය වරු කීප දෙනෙකුද රුපවාහිනියේ  කියනු අසන්නට  ලැබුණි. ඇත්තෙම්ම මේ  ගැන  කට ඇරිය යුතුව  තිබුනේ GMOA ලොකු මහත්තුරුය . ඒ අය නිහඬව සිටින්නේ මිනිසුන් මරා   ගන්නා   තරමට  පොහොට්ටුවට වාසි වෙනු ඇතැයි සිතන නිසා  බවට සැකයක් නැත .ඊට  සනාථ කිරීමට හේතු තිබේ. GMOA ලොකු මහත්තයා වන  පාදෙණිය සවුඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ  ජනරාල් සුනිල් අල්විස්  මහතාට   මේ පෙබරවාරි 12 දින තර්ජනය  කරමින් " තමා  පොහොට්ටු ආණ්ඩුවේ සවුඛ්‍ය ඇමති වූ පසු බලාගමු " යයි කීමෙන්  තහවුරු වන්නේ  කුමක්ද?  GMOA  වනාහි  පොහොට්ටුවේ  බළල් අතක් බව මිස වෙන කුමක්ද? සිංහල  බවුද්ධයන්ට විශේෂයෙන්ම  කාන්තාවන්ට වඳ  පෙති දෙන්නේ  වෙන  කිසිවෙකු නොව පන්සල විසිනි. මෙය  මා විසින් කරන

ශ්‍රී ලංකා - යුඑන්පි හුටස්පරයේ කෙළවර කුමක්ද?

                           මහින්ද  රාජපක්ෂ  මහතා  මේ  මොහොතේ  බොර  දියේ  මාළු  අල්ලන්නට  උපරිම  උත්සාහය දරමින් සිටි. නිමල් සිරිපාල  මහතා අගමැති  කිරීමට දරන උත්සාහයට  ඔහු පෝර දමමින් සිටින්නේ  ඒ  නිසාය . සිරිපාල අගමැති වුවහොත්  ඉන්පසු  වැඩි කල් නොගොස්  මහා   මැතිවරණයකින්  ආණ්ඩුව  තමන් අතට  ගැනීම  ඔහුගේ සැලැස්ම  බවට  කිසිදු සැකයක් නැත. ඒකාබද්ධ විපක්ෂයේ අය  සිරිපාල යටතේ ඇමති කම්  ගන්නට සුදානම්  නැත්තේ  නිකම් නොවේ. ඇමතිකම් අරගෙන වැඩි කලක් යාමට  පෙර  ඔවුන්ද  මහජන  අප්‍රසාදයට  ලක්වන  බව  ඔවුන් දන්නා නිසාය . ඔවුන් ඇමති  කම් රැගෙන  රට  කරන්නට  සිදුවෙන්නෙත්  එක්සත් ජාතික  පක්ෂය  රට  කරවපු ආකාරයටමය .ගත් ණය ගෙවන්නට තිබුණු සබ්බ  සකලමනාවම  දී  ඇති බැවින්  ආණ්ඩුවේ  භාණ්ඩාගාරය  පතුලටම  හිඳී  තිබේ . එබැවින්  එදිනෙදා  වියදම් හොයා  ගැන්ම සඳහා  තෙල් මිල  පවා  වැඩි කරන්නට  ඔවුන්ට සිදුවීමට  ඉඩ  තිබෙන  බව ඒකාබද්ධ විපක්ෂයේ අය දනිති. . එසේ වුවහොත්  පොහොට්ටුවට  ලැබුණු   45% ,   ඊ ළඟ   මහා  මැතිවරණය  එන විට  සියයට  හතලිහ  දක්වා හෝ ඊටත් වඩා  අඩුවෙන්නට  ඉඩ  තිබෙන  බව රාජපක්ෂලා දනිති.රාජපක්ෂලාගේ  ඉලක

අහසේ ගිය ආණ්ඩුව බිමට කඩ වැටීම

        මැතිවරණ  ප්‍රතිඵලය සියල්ලන්ම විශ්මයට  පත් කර තිබේ. ආණ්ඩු විරෝධය මෙපමණ පැහවා උඩුදුවා   ඇතැයි කිසිවෙකු සිතුවේ නැත . රාජපක්ෂලවත් මෙවැනි ප්‍රතිඵලයක් අපේක්ෂා  නොකලාට සැකයක් නැත..           රවී කරුණානායක  තබා  ගත හොත් එක්සත් ජාතික පක්ෂයේ චන්ද   අඩු වෙන බවත්  ඔහු එජාපයෙන් නෙරපා  හැරියහොත් එය වලක්වා  ගත හැකි බවත්  මැතිවරණයට සති දෙකකට පෙර මුහුණු පොතේ  පොස්ටුවක් පළකරමින්  කීවෙමි .එමෙන්ම මැතිවරණයේදී  මහින්ද දුර්වල කිරීමට  නම් මෛත්‍රිගේ ශ්‍රීලනිපය ශක්තිමත්  කළ යුතු බවද කීවෙමි . එහෙත් රවී  ඉවත් කිරීමට   රනිල්ට    හය්යක්  තිබුනේ  නැත. ඒ වෙනුවට  ඔහු දිගින් දිගටම කිවේ  බැඳුම්කර  හොරකමට  එක්සත් ජාතික සම්බන්ධ  බව කොමිසම කියා  නැති බව   කියමින් මහජනයා රැවටීමට උත්සහ කිරීමය . පොහොට්ටුව  පනගසා ඒමේ වගකීම රනිල් ඇතුළු ඉහල  නායකත්වය  භාරගත  යුතුය .මා  එසේ  කියන්නේ හේතු ඇතිවය . අගමැති කම  භාරගත් දින සිට රනිල් ගේ  උපාය මාර්ගය වුයේ ශ්‍රීලනිපය දෙකට කැඩීයාම තව තව අවුළුවා තැබීමට  අවශ්‍ය වටපිටාව හදමින් ඊට පෙට්‍රල්  හැලිමය   .එක්සත් ජාතික  පක්ෂයට 2025 දක්වා  බලයේ සිටීමට  හැක්කේ එමගින්

ලන්ඩන් බෙලි කැපිල්ල

      බ්‍රිගේඩියර්ගේ  බෙලි කැපීමේ අභිරුප  රංගනය නිසා  ප්‍රීති ප්‍රමෝදයට  පත් අය ඔහුගේ වැඩ තහනමට එරෙහිව  කඩු  කිනිසි අතට  ගත්තෝය . චන්ද හිඟයෙන් පෙලෙන ජනාධිපතිවරයාද වහා  කඩුව  ගෙන  විදේශ ඇමති  මාරපනට  කඩු  පාරක් ඇන බ්‍රිගේඩියර්ට  යලි ජොබ් එක දී  චන්ද  ටිකක් එකතු කර  ගත්තේය.  කොටි ඩයස්පෝරාවට ඩොලර්  ලක්ෂ  ගණනක්  වියදම් කොට  ලබා  ගැනීමටවත්  නොහැකි   හමුදාවට එරෙහි ප්‍රචාරයක්  බ්‍රිගේඩියර්ගේ අභිරුපන රංගනය  නොමිලයේම ලබා දුන්නේය . ආණ්ඩුවක් බ්‍රිගේඩියර් වරයෙකු  තානාපති කාර්යාලයකට  පත් කරන්නේ  අභිරුපන  රංගන  කරන්නට  නොව ලංකාණ්ඩුව එම තානාපති කාර්යාලය  පිහිටි රට සමග  කරන ආයුධ මිලදීගැනීම ආදී  මිලිටරි  කටයුතුවලදී  වැදගත්  වැඩ  කොටසක්  ඉටු කරවා  ගැනීමටය .එහෙත්  තමන්ට  පැවරී තිබෙන වැදගත්  කාර්යය අමතක  කොට 2.50 වැඩ  කරන්නට  යාම කණගාටු දායකය  . 2.50 වැඩ  කරගන්නට  නම්  යැවිය යුත්තේ  බ්‍රිගේඩියර් වරයෙකු නොව  ඌවේ  මහා ඇමතියා වැනි ගොබ්බයන්ය  .   බෙල්ල  කපා  මිනිසුන් මරණ  හැටි   යුද්ධයට  යන සියල්ලන්ටම  වාගේ පුහුණු කර  තිබෙනවාට සැකයක් නැත . එය  හමුදාවද කොටි සංවිධානයද  කියා වෙනසක්  නැත.